ඌව ඡන්දයට දින තුනකට පසුව හාලිඇළ පොලිස් මුරපොල ළඟදී ලංකාදීප ඇටැම්පිටිය මාධ්‍යවේදී චන්දන කුරුප්පුආරච්චිට පහර දීමට විරෝධය පා අද දහවල් 12ට කොළඹ කොටුව දුම්රිය නැවතුම්පොළ ඉදිරිපිට උද්ඝෝෂණයක් ඇරැඹූහ.
මාධ්‍යවේදීහු 250ක් පමණ ඊට සහභාගී වී සිටිති.
වෘත්තීය සමිති හා එජාප ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයෝ ද මාධ්‍යවේදීන් හා එක්වූහ.
මැර ප්‍රහාරයෙන් ඔහුගේ හකු ඇටය කැඩී ඇති බවත්, සැත්කමකින් පසුව පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බවත් පවුලේ සාමාජිකයෝ කියති.
ප්‍රාදේශීය මාධ්‍යවේදීහු මේ උද්ඝෝෂණය සංවිධානය කළහ.
(ඡායාරූප සහ වීඩියෝ අමිල දර්ශන හේරත්)
ඡායාරූප සහ වීඩියෝ චතුරංග සී චන්ද්‍රසේකර




























