
කොළඹ මහ නගර සභා සීමාවේ නිරෝධායනයට ලක්ව ඇති නාගරික මහල් නිවාසවල පදිංචිකරුවන්ට දිගුකාලීන රෝග තිබේ නම්, ඒ බව එම මහල භාර පොලිස් නිලධාරියාට හෝ නාගරික සංවර්ධන අධිකාරියේ කළමනාකාරවරයාට දැනුම් දිය යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ඒ අනුව, දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘද රෝග, අපස්මාරය, හතිය, අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල්, වකුගඩු රෝග හෝ පිළිකා වැනි දිගුකාලීන රෝග සඳහා ඖෂධ ලබාගන්නා බව ඔවුන්ට දැන්විය යුතු වේ.
නම, වයස, ලිපිනය, බෙහෙත් ගන්නා ඖෂධහල හෝ රෝහලේ නම එම නිලධාරීන්ට ලබා දිය යුතු බවත්, ඔවුන් නිවසටම එම ඖෂධ ගෙනැවිත් දෙනු ඇති බවත්, කිසිම රෝගියෙකු නිවසින් බැහැරව නොයා යුතු බවත් සෞඛ්‍ය අමාත්‍යංශය දන්වයි.
දිගුකාලීන රෝග සහිත අයට කොරෝනා වයිරසය ආසාදනය වීමේ වැඩි අවදානමක් ඇතිබැවින් එම සංකූලතා හටනොගැනීමට ඖෂධ නිසි පරිදි භාවිත කළ යුතු බවද අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

