අම්පාර තිරික්කෝවිල් වෙමිබෙඩිකුලමි කැලෑවේ තිබු ඓතිහාසික චෛත්‍යයක් නිධන් හොරුන් විසින් හාරා විනාශකර දමනු ලැබ ඇත.
අක්කරපත්තුව සිංහල සංවිධානයේ ලේකමි එචි.සමන්මහතාට ලැබුණු තොරතුරක් අනුව තිරික්කෝවිල් පොලීසිය සමග එම ස්ථානයට යනවිට නිධන් හොරුන් උදලු අලවංගු දමා පැනගොස් ඇත.
මෙම පුදබිම අඩි 20 ක් පමණ හාරා තිබෙන චෛත්‍යය අඩි10 ක පමණ හරහට හාරා ඇත.මෙම පුද බිම සද්ධාතිස්ස රජසමයේඉදිකරන ලද බව විශ්වාස කරතියි කි‍්‍ර.පු.7 - 5වසරවල බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නැගෙනහිර සහකාර අධ්‍යක්ෂක ඩබ්.එන්.ඵ.සුමනදාසමහතා අද (17) එම ස්ථානය පරීක්ෂා කිරීමෙන් පසු පැවසීය.චෛත්‍යයඅඩි 35 ක වට රවුමක් ඇති අතර අඩි 20ක් හාරා තිබේ.මෙම චෛත්‍යය අවට විශාල වශයෙන්පුරාවස්තු විහිදී තිබේ.
චෛත්‍යය ආසන්නයේම අඩි 12ක් දිග උඩි 05 ක් පලල මල් ආසන ගරයක් හමුවේ. එම ස්ථාන යටද හාරා ඇත.මෙයට අමතරව සඳකඩපහන් කැබැලි ගල් කණු ගල් පඩිපෙළ ඒ අවට දැක ගැනීමට හැකිය.