තෙල්දෙණිය කුඹුක්කඳුරේ දහය කණුවේ නිදන් හෑරීමට ගිය බව කියන අට දෙනෙක් තෙල්දෙණිය පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
ගල් විදින යන්ත්‍ර, වතුර මෝටර, කුළුගෙඩි, විදුලි ජනන යන්ත්‍ර ආදියද රැගෙන ආ ඔවුන් නළ ලිං හෑරීමට පැමිණි බව පොලීසියට කියා ඇත.
සැකකරුවන් කොළඹ, ගෙලිඔය, බගවන්තලාව හා කොටගල පදිංචි කරුවන් බව පොලීසිය කියයි.