රුපියල් කෝටියක කප්පමක් ඉල්ලා ගල්ගමුව මීගෑලෑවේ දිනිදු යශේන් ලන්කානාත් කුමාර ඒකනායක දරුවා පසුගිය ජුලි 28 වැනිදා පැහැර ගත් බව කියන සැකකරුවන් පස්දෙනා වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින්ගේ වාහනවලට පහර දුන්නැයි කියන 16 දෙනෙක් ගල්ගමුව මහේස්ත්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා විසින් ලබන 26 වැනිදා තෙක් රිමන්ඩ් කරනු ලැබුහ.
එම දරුවාගේ පියාවන ව්‍යාපාරික මහින්ද ඒකනායක ද ඒ අතර වෙයි.
පැහැරගත් දරුවාගේ මව ශිරෝමී සුදේශිකා හේරත් රුපියල් ලක්ෂ පහක ශරිර ඇප හා රුපියල් පන්දහසක මුදල් ඇප මත මුදා හැරිණි.
සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත් නියෝග කළේය.
සැකකරුවන් වෙනුවෙන් ගල්ගමුව උසාවියේ නීතීඥවරු පෙනී නොසිටියහ.
තඹුත්තේගමින් පැමිණි සිටි නීතීඥවරු ඔවුන් වෙනුවෙන් කරුණ ඉදිරිපත් කළහ.

