( ටී.කේ.ජී.කපිල )
රුපියල් පනස් තුන් ලක්ෂ හැත්තෑ දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගියෙකු ද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් අද (02) අත් අඩංගුවට ගෙන තිබේ. මොහු අනුරාධපුරය ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි ගණකාධිකාරීවරයෙකි.
ඔහු අද (02) දින අලුයම 12.15 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 35,800 ක් අඩංගු දුම්වැටි කාටූන් 179 ක් සගවා ගෙන සිටියදී , පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .