නිත්‍යනගර් අනිත්‍ය නගරයක් වෙයි


යුද්ධය නිම වී වසර හතක් ගත වී ඇතත් වව්නියා දිස්ත්‍රික්කයේ යුද්ධයෙන් අවතැන් වු පවුල් 12000 කට නිවාස නොමැති බව වව්නියා දිසාපති රෝහණ පුෂ්පකුමාර මහතා ප්‍රකාශ කරයි.

එකවර සියලු දෙනාට නිවාස ලබා දීමට නොහැකි බවත් එය අවුරුද්දෙන් අවුරුද්ද ක්‍රමයෙන් සිදු කරන බවත් මෙම වසරේ නිවාස 1000 ක් සඳහා මුදල් ප්‍රතිපාදන ලැබී ඇති බවත් ඔහු  ප්‍රකාශ කළේය.

පුනරුත්තාපන හා නැවත පදිංචිකිරීම් අමාත්‍ය ටී.එම්. ස්වාමිනාදන් ප්‍රකාශ කළේ

“ අපි නිවාස නැති අයට නිවාස ලබා දෙන්න වැඩ පිළිවෙළක් හැදුවා. පත්තරේ අයදුම්පතක් දානවා. නිවාස නැති අයට අයදුම් කරන්න පුළුවන් ” යනුවෙනි.

යුද්ධයෙන් පසු උතුරු නැගෙනහිර නිවාස 155000 ක් පමණ විනාශ වී ඇති බව එක්සත් ජාතීන්ගේ ගණනය කිරීමකින් හෙළි වී ඇත. වව්නියාවේ නිත්‍යනගර් මේ අර්බුධයෙන් දැඩි ලෙස බැට කයි.

“ අපිට කන්නත් නෑ, බොන්නත් නෑ, ඉන්නත් නෑ ඒමදිවට අලිත් ගහනවා ”

යැයි නිත්‍යනගර් හී නවදීශ්වරී (33) පැවසුවාය. ඇය පවසන්නේ යුද්ධයෙන් අසරණ වූ තත්වයේම තවමත් ඔවුන් පසුවන බවයි.

ඔවුන්ගේ මූලික අවශ්‍යතා පවා ලැබී නොමැති බව ඔවුන්ගේ නිවෙස් දෙස බලන විට පෙනී යයි. මේවන විට ප්‍රවාහන, පානීය ජලය ගැටළු මෙන්ම වල් අලි ගැටළුව ද ඔවුන් මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්න කිහිපයකි.විවිධ ආකාරයෙන් රජයට තම දුක කීවද ඒවා සඳහා කිසිඳු පිළියමක් ලැබී නොමැති බව නිත්‍යනගර් වැසියෝ පැවසූහ.

IMG_9324

IMG_9367-2

\IMG_9399 IMG_9403 IMG_9416 IMG_9435

IMG_9430