නිට්ටඹුව හන්දියේ අනවසරයෙන් සවිකර තිබූ සුවිසල් ඡන්ද පුවරුව ඉවත් කළ ගම්පහ ඡන්ද නිලධරයන් බලයෙන් පැය තුනක් තිස්සේ රඳවාගැනීම අද පස්වරු 3ට පමණ අවසන් විය.
නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන, ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී විජිත ඩී. කොමසාරු සහ ගම්පහ සහකාර මැතිවරණ කොමසාරිස් අතර පැවැති සාකච්ඡාවකින් සිද්ධිය අවසන් වූ බව තවත් අනවසර කටවුට් පුවරු රැගෙන ගිය බවත් පොලිසිය කියයි.
ඡන්ද නිලධරයන් බලෙන් රඳවාගත් 60ක් පමණ පිරිසද මුදාහළ පොලිසිය පැවසූයේ සිද්ධිය සමථයකට පත් කළ බවයි.
පෞද්ගලික ඉඩමක ඉදිකළ මෙම පුවරුව ඡන්ද නීතියට පටහැනි හෙයින් ඉවත් කරන ලෙස ඉඩම් හිමියාට සිදුකළ දැන්වීම නොසලකා හැරිම නිසා නිලධරයෝ එය ඉවත් කළහ.
එම පුවරු අසල සීසීටීවී කැමරාද සවිකර තිබුණි.





