නිකවැරටිය ළිඳකින් ගොඩ ගත් අලියා මිය යයි


නිකවැරටිය කරිහට්ටිකුලම ප්‍රදේශයේ දී පාළු ළිඳක වැටී සිටිය දී ගොඩ ගත්  වල් අලියෙකු  වෙනත් ප්‍රදේශයකට රැගෙන යාමට බැඳ සිටියදී අද මිය ගිය බව වන ජීවී ආරංචි කියයි.

පසුගිය අගහරුවාදා (05) රාත්‍රියේ මෙම අලියා ළිදට වැටී සිටි අතර වනජීවී නිළධාරීන් අලියා ජාතික වනෝද්‍යානයකට රැගෙන යාම සදහා  ප්‍රතිකාර කරන අවස්ථාවේ එගෙස මිය ගොස් ඇත.