නිකවැරටිය රෝහල් කාර්ය මණ්ඩලයට එන්නත දෙයි



 
(ප්‍රියාණි මංගලිකා )
                      
නිකවැරටිය මූලික රෝහල් කාර්ය මණ්ඩල සියල්ලට කෝවිඩ් එන්නත ලබා දීම ආරම්භ කළ බව රෝහල් වෛද්‍ය අධිකාරි වෛද්‍ය පමිල අධිකාරි මහතා  අද (1) පැවසීය.     

                 
ඒ අනුව රෝහල් වෛද්‍ය ,හෙද හා සෙසු නිලධාරීන් ද, සෙසු කාර්ය මණ්ඩල හා ආරක්ෂක අංශ ද ඇතුළුව 650 කට පමණ කෝවිඩ් එන්නත ලබා දීමට නියමිත බවද වෛද්‍ය අධිකාරිවරයා පැවසීය. 

                 
නිකවැරටිය මූලික රෝහලේ හිස්ව පවතින අංක 3 වාට්ටු පරිශ්‍රයේ දී කෝවිඩ් එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.