නි.පොලිස්පති රියැදුරු ඝාතකයා අල්ලයි


ජනාධිපති ආරක්ෂක අංශයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ මහතාගේ නිල රියැදුරකු වූ පොලිස් සැරයන් ටී.ජී. විජේනායක මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් තරුණයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

ඉකුත් දෙසැම්බර් 16 වැනි දා පොලොන්නරුව නියෝජ්‍ය පොලිස්පති නිල නිවස තුළදී කිසියම් පුද්ගලයකු විසින් විජේනායක මහතා කපාකොටා ඝාතනය කර තිබුණි.