නෑයන් සොයා ගන්න බැරි වේ


පානදුරයේ දී අබිරහස් ලෙස මිය ගිය  තිදෙනාගේ නෑයන් සෙයා ගැනීමට පොලීසිය ගත් උත්සාහය අසාර්ථක වූ නිසා  ඔවුනගේ  සිරුරු නාගොඩ රෝහලට බාර දුන් බව නාගොඩ පොලීසිය කියයි. සිරුරු කළුබෝවිල රෝහලට ගෙන ගියද එහි ඉඩකඩ නොවුයෙන් පානදුර මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතාගේ නියෝගයක් මත නාගොඩට ගෙන යාමට සිදු විය.

 පුත්තලම අට්ටවිල්ලුවේ ඉන්දික නිරෝෂන්, බෙලිඅත්තේ ශිරාණි පද්මලතා (ඇය සය මස් ගැබිනියකි) හා ඔවුන්ගේ අටමස් දියණිය මිය ගිය අය වෙති.ගෙදර අල්මාරි සිල්ලම අවුස්සා තිබු බවත්  ලේ තැවරුණු අගල් අටක් දිග පිහියට අමතරව යකඩ උලක් හා පොල්ලක් ද සොයා ගත් බවත් පොලිසිය කියයි.

මාස අටකින් කුලී ගෙවා නැතැයි   ගෙයි අයිතිකරු පොලීසියට කියා ඇත.

 කුලිය රුපියල් අටදහසකි.ඉන්දික  බෙහෙවින්   ණය තුරුස් වී සිටි බව පොලිසියට තොරතුරු ලැබී ඇත.

කුඩා දරුවාගේ දත් කීපයක් කැඩි තිබූ අතර කකුලේ තැලූම් තුවාල කීපයක් දක්නට ලැබුනු බවත් කාන්තාවගේ බෙල්ල කැපීම නිසා උගුරු දණ්ඩ කැඞී තිබූ බවත් පොලිසිය කියයි.