නෑයන් සමරන්න මහ ඇමැතිත් මුලතිව් සටන් බිමේ


යුද්ධයේදී මියගිය නෑයන් සමරා පහන් පත්තු කර ඔවුන් සිහිකිරීමට උතුරු පළාත් සභාවේ මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් ඇතුළු ද්‍රවිඩ ජාතික සන්ධානය යුද්ධයේ අවසන් අදියර සිදුවූ මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් වෙරළ අසලට රැස්වීමට යති.

මහ ඇමැතිවරයා තවත් මිනිත්තු 10කින් එහි පැමිණෙතියි දෙමළ සන්ධාන මන්ත්‍රීවරයෙක් කීවේය.

තහනම් සංවිධානයක් වූ කොටි සංවිධානය සැමරීම හා පෙළපාලි යාම අද සිට සතියක් පුරා මුලතිව් මහේස්ත්‍රාත් විසින් තහනම් කරනු ලැබ ඇත.

උසාවි නියෝගය අනුව තමන් කොටියන් නොසමරන බවත් මියගිය නෑයන් සමරන බවත් දෙමළ සංවිධානය කියයි.

එම ප්‍රදේශයට පැමිණ සිටින පොලිසිය කියනුයේ උසාවි නියෝගය කඩ කළහොත් එවැනි පුද්ගලයන් අත් අඩංගුවට ගන්නා බවයි.

01 06 13 15

07