නෑදෑයාට උප ඇමැති ලොකු හැන්දෙන් බෙදයි


අත්තනගල්ලේ පාසල් කිහිපයක සංවර්ධන සමිති රැස්වීම් කැඳවමින් තම ඥාතියකුට ඡන්ද ප්‍රචාරයක් ගෙන යන නියෝජ්‍ය ඇමැතිවරයකු ගැන සොයා බලන ලෙස ලංකා ගුරු සංගමය මැතිවරණ කොමසාරිස්ට පැමිණිලි කළේය.

එහි ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ පාසල්වල එවැනි රැස්වී නොපවත්වන ලෙස ගම්පහ කලාප අධ්‍යක්ෂ දැනුම්වත් කර තිබිය දී ලබන සඳුදා ද එවැනි රැස්වීමක් සූදානම් කර ඇති බවයි.

කිසිම දේශපාලන පක්ෂයක නියෝජිතයෙක් සහභාගී කරගෙන පාසල් වංවර්ධන සමිති රැස්වීම් නොපවත්වන්නැයි අත්තනගල්ලේ විදුහල්පතිවරුන්ට දැනුම් දුන් බව කලාප අධ්‍යාපන කාර්යාලයයේ උසස් නිලධාරියෙක් පැවසීය.