සෙල්ලම් පිස්තෝලයකුත් පෙන්වා බලන්ගොඩ රාස්සගල මැද්දකන්දේ තේ වත්තකදී රුපියල් හත් ලක්ෂයකට ආසන්න තේ දලු සල්ලී කොල්ල කෑ බව කියන සහෝදරයන් දෙදෙනකු ඇතුළු සිව් දෙනකු බලංගොඩ පොලීසිය අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම පිරිස අතර සහෝදරයෝ දෙදෙනෙක්ද ඉතිරි දෙදෙනා හමුදාවෙන් පැනගිය අයකු හා පින්තාරුකරුවක් ලෙස හදුනාගෙන ඇත සිව් දෙනාම සමීප නෑයෝය.
කොල්ල කෑ මුදලින් රුපියල් තුන්ලක්ෂයකට ආසන්න මුදලක් පිහියක් පිස්තෝලයක්,මෝටර් රථයක් හා යතුරුපැදියක් ද අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.