නැ‘හිර මහඇමතිත් විජයදාසට දෙහිකපයි


මෙරට මුස්ලිම් ජාතිකයික් තිස් දෙදෙනකු ඉස්ලාමීය අන්තවාදී අයිඑස් ත‍්‍රස්ත සංවිධානය හා එක්ව සිටින බවට චෝදනා කරමින් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී සිදුකළ ප‍්‍රකාශය ඉල්ලා අස්කර ගත යුතු යැයි නැගෙනහිර මහ ඇමති හාෆිස් නසීර් අහමද් මහතා පැවසීය

මොවුන් කවුරුන්ද යන්න අධිකරණ අමාත්‍යවරයා විසින් මුලින්ම ප‍්‍රකාශ කළ යුතු බවද මහ ඇමතිවරයා පැවසීය

අම්පාර සායින්දමරුදු ප‍්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් මහ ඇමතිවරයා මේ බව කීය.

මුස්ලිම් ජනතාවට එරෙහිව විවිධ ක‍්‍රියා  සැලසුම් සහගතව ක‍්‍රියාත්මක වන මොහොතක බුද්ධි අංශ විසින්ද ප‍්‍රතික්ෂේප කරන ලද ප‍්‍රකාශයක් අධිකරණ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කිරීම මුස්ලිම් ජනතාවට  එරෙහි ක‍්‍රියාවන්ට අනුබල දීමක් බවද හෙතෙම කීවේය

ලෝකයේ මුල්ම වරට ත‍්‍රස්තවාදයට එරෙහිව හඩක් නැගූ එකම ජාතිය මුස්ලිම් ජාතිය යන සත්‍ය සියලු දෙනා අවබෝධ කරගත යුතු බවත් ඔහු කීය.