නැ‘හිර මහ විගණකගේ වැඩ තහනම්


වාකරේ සිදුවූ අනතුරකින්  දෙදෙනකුට තුවාල සිදුවූ පසු නොනවත්වා ගිය බව කියන නැගෙනහිර පළාත් ප්‍රධාන විගණක නිලධරයාගේ වැඩ තහනම් කරන ලෙස නැගෙනහිර ආණ්ඩුකාර රියර් අද්මිරාල් මොහාන් විජයවික්‍රම පළාත් රාජ්‍ය සේවා කොමිසමට දැනුම් දුන්නේය.

වාකරේදී පාපැදිකරුවන් දෙදෙනකු අනතුරට ලක්කිරීම, රජයේ වාහනයකට අලාභ කිරීම, වග කිවයුතු නිලධාරියකුගේ යුතුකම ඉටු නොකිරීම යන චෝදනා මත ඔහුට එරෙහිව පරීක්ෂණයක් කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් ද පත් කර ඇත.