නැගෙනහිර පළාතේ ජාතීන් අතර සමගිය නැති කිරීමට දෙස් විදෙස් බලවේග උත්සාහ කරතියි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රියර් අද්මිරාල් මොහාන් විජේවික්‍රම මහතා අනතුරු ඇඟවීය.
නැගෙනහිර සමගිය රටේ ස්ථාවරත්වයට ඉතා වැදගත් බවත් විජේවික්‍රම මහතා කීවේය.
ආණ්ඩුකාරවරයා එසේ පැවසුවේ රාමසාන් උපවාසය අවසන් කර ආහාර අනුභව කරන ඉප්තාර් උළලේදීය.
නැගෙනහිර මහ ඇමැති අබ්දුල් මජීඩ් මහතා ඇතුළු මැති ඇමැතිවරු ද, රාජ්‍ය නිලධාරීහු ද එම උළෙලට සහභාගී වූහ.