නැහිර සභාවේ ඔක්කොම නව රජයට


නැගෙනහිර පළාත් සභාවේ මන්ත්‍රීන් 37 දෙනාම මෛත්‍රිපාල සිරිසේන රජයට සහයෝගය දෙන බව අද ප්‍රකාශයට පත් කළේය. ඡන්දයට කලින් පිරිසක් සිරිසේන මහතාට එක්වූහ. දැන් අපේ සභාවේ සියලුම මන්ත්‍රීන් රජයට සහයෝගය දෙනවා යැයි සභාපතිනි ආරියවතී ගලප්පත්ති මහත්මිය අද රැස්වීමේදී කීවාය.

සභාවේ අය වැයද පසුගියදා සම්මත වූයේ නැත. සභාවේ නව සැසිවාරය ලබන 10 වැනිදාට කල් ගියේය.