නැහිර සභාපතිනි සංගීත පුටු තරඟයේ


නැගෙනහිර පළාත් අන්තර් අමාත්‍යංශ, දෙපාර්තමේන්තු රාජ්‍ය නිලධරයන් හා මැති ඇමැතිවරුන්ගේ අවුරුදු උත්සවය ත්‍රිකුණාමලය ඕර්ස් හිල් ළමා උද්‍යානයේදී  රියර් අද්මිරාල් මොහාන් විජේවික්‍රම ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

සම්ප්‍රදායික කෙළි සෙල්ලම්වලින් සමන්විත වූ එහි දී නිලධාරීහුද සූප්පුවෙන් බීවෝය. කඹ ඇද්දෝය. මැති ඇමැතිවරු සංගීත පුටු තරගයට සහභාගී වූහ. නිලධාරිනියෝ පොල් ගෑහ.

නැගෙනහිර පළාත් සභාවේ සභාපතිනි ආරියවතී ගලප්පත්ති මහත්මිය පළාත් අධ්‍යාපන ඇමැති විමලවීර දිසානායක මහතාද සංගීත පුටු තරඟයට එක්වූහ.