ඉදිරි වසර දෙක හමාරේ නැගෙනහිර පළාත් සභා පාලනයට හවුල් වන්නැයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මහතා එජාපයට දෙමළ ජාතික සංධානයට හා නැගෙනහිර පළාතේ සෙසු දේශපාලන පක්ෂවලට ඇරයුම් කරයි.
ගිය රජය සමඟ පැවැති එකඟත්වයට ගරු කරමින් මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රී හෆීස් නසීර් අහමඩ් මහ ඇමැති කිරීමට ඉඩදීම ගැන ඔහු මෛත්‍රීපාල සිරිසේන ජනපතිට ස්තුති කරයි.

