නැහිර මහ ඇමැති හමු වෙන්න විග්නේෂ්වරන් ත්‍රි මලේ


උතුරු මහ ඇමැති සීවී විග්නේෂ්වරන් හා නැගෙනහිර මහ ඇමැති නජීබ් අබ්දුල් මජිඩ් අද (30) පළමු වරට නැගෙනහිර මහා ඇමැති කාර්යාලයයේදී  සාකච්ඡාවකට එක් වුහ.

උතුරු නැගෙනහිර ඒකාබද්ධ පළාත් සභාවක්ව තිබු සමයේ පළාත් රාජ්‍ය සේවයට බඳවා ගත් සේවකයන් පදිංචි පළාත්වලට මුදා හැරීමට  දෙදෙනාම එකඟ වුහ.

උතුරේ ස්ථිර පදිංචිය ඇතිව  නැගෙනහිර ද නැගෙනහිර පදිංචිය ඇතිව උතුරේ ද සිටින පළාත් සේවකයින් හුවමාරු කැර ගැනීම කෙරෙහි දෙදෙනාම සාකච්ඡා කළහ.

උතුර අතහැර ගිය මුස්ලිම් ජනයාට යළි එහි පදිංචි වීමට ඉඩ දෙන්නැයි නැගෙනහිර මහ ඇමැති  ඉල්ලා සිටියේය.

සාම්පූර් දෙමළ ජනයා  විකල්ප ඉඩම්වල පදිංචි කරවන බව ද ඔහු උතුරේ මහ ඇමැතිට කීවේය.