නැහිර ප්‍රා සභාවක බලය රජයට


අක්කරේපත්තුව ආලයඩිවෙම්බු ප්‍රාදේශිය සභාවේ බලය එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමි වීමට යයි.

එහි පාලන බලය දෙමළ ජාතික සංවිධාවනයේ මන්ත්‍රී බී ත්‍යාගරාජා සහ ස්වාධින මන්ත්‍රී ඊ වඩිවේල් අද (28) සන්ධානයට එකතු වුහ.

ඒ අනුව සන්ධානයට දැන් මන්ත්‍රීවරු පස් දෙනෙක් ද  දෙමළ ජාතික සන්ධානයට හතර දෙනෙක්ද වෙති.

කලින් දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරු පස් දෙනෙක් ද. එක්සත්ජනතා නිදහස් සන්ධානයට තිදෙනක්ද  හා ස්වාධින මන්ත්‍රීවරයෙක් ද වුහ.