තරුණයන් අට දෙනකුට නැවක රැකියා දෙන බව කියා රුපියල් ලක්ෂ දොළහක් වංචා කළැයි කියන නැව් සමාගම් කළමනාකාර අධ්‍යක්ෂවරයකු රුපියල් එක්කෝටි හැට ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝ කළේය.
එම තරුණයින්ට මුදල් ආපසු කොටස් වශයෙන් ගෙවීමට ජී ආර් ටී පෞද්ගලික සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ මොහොමඩ් ඉම්රාන් එකඟ විය.
එක් අයකු රුපියල් ලක්ෂ එකහමාර බැගින් නැව් සමාගමට ගෙවා ඇතැයි ද උසාවියේදී කියැවිණි.

