නැන්දාගෙත් දූරු දෙන්නාගෙත් ඇඟ පුරා රත්තරන්


රුපියල් තිස් නම ලක්ෂ හතලිස්  දහසක් වටිනා  නිම නොකළ රන් ආභරණ 21 ක් පැළඳගෙන  ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට පැමිණි  ශ්‍රී ලාංකික කාන්තාවන් තිදෙනකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී   අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.

සැකකාරියෝ  කොළඹ පදිංචි  ඥාති පවුලක නැන්දනිය සහ දියණියන් දෙදෙනෙකු බව රේගුව කියයි.

මාල, වළළු ඇතුළු  නිම නොකළ රන් අබරණ 21 ක් මොවුන් ශරීරයේ තැන් තැන් වල පැළඳ සිටි බව රේගුව කියයි.

අත් අඩංගුවට ගනු ලැබු රන් අභරණ වල බර ග්‍රෑම් හත්සිය අසූ අටකි.

මොවුන් ජෙට් ගුවන්සේවයට අයත් එස්.ජී 002 දරණ ගුවන් යානයෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට කටුනායකට පැමිණ ඇත.

මේ පිළිබඳව රේගු පරීක්ෂනය සිදු කළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ජනක ප්‍රනාන්දු මහතා විසින්  එක් අයෙකුට රුපියල් දස දහස බැගින් රුපියල් තිස් දහසක   දඩ නියම කොට එම රන් අභරණ රාජ සන්තක කළේය.

මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්ධන මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ජනක ප්‍රනාන්දු මහතාගේ අධීක්ෂණය යටතේ රේගු අධිකාරී අචල චන්ද්‍රසේකර, පී. අරේවත්ත සහ සහකාර රේගු අධිකාරීවරුන් වන ඒ.කේ.ආර් සමන්ජිත්, ඒ.ජී.එ.එස් ගුණසේන යන නිලධාරීහු සිදුකළහ.