මෙරට අතුරුදන්වූවන් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා අතුරුදන්වූවන් ගැන සොයාබලන එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමක් දිවයිනට පැමිණි බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
මෙම කණ්ඩායම දින දහයක් මෙරට රැඳී සිටින බවත් අතුරුදන්වූවන්ගේ පවුල් වල සාමාජිකයින් සමග කොළඹ,යාපනය,කිළිනොච්චිය,මන්නාරම,මාතලේ,මඩකළපුව,අම්පාර,ත්‍රිකුණාමලය,සහ ගාල්ල යන දිස්ත්‍රික්කයන් බලා ගොස් සාකච්ඡා කරනු ඇති බවත් විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා මහිෂිනී කොළොන්නේ මහත්මිය පැවසුවාය.

