නැති වූ බ්‍රිතාන්‍ය තරුණිය සොයාගනී


කොළඹ ගල්කිස්සේ හෝටලයක නතර වී සිටිය දී සඳුදා අතුරුදන් වූ බව කියන බ්‍රිතාන්‍ය ජාතික ලොරේන්  ස්මිත් (26) සොයා ගත් බව ඇගේ ලන්ඩන් නෑයෝ කියති.

පැය 24ක් යන තුරු ඇය හෝටලයට නොපැමිණි නිසා හෝටල් හිමිකරු මේ වන ඇගේ නෑයනට දැන්වීමෙන් පසු ඇය සොයාගැනීමේ මෙහෙයුම ඇරැඹිණි.

අඟහරුවාදා දහවල් වන විට ඇය සොයා ගත් බවත්, ඇගේ මව හා පියා ඇය ලන්ඩනයට කැටුව යෑම සදහා ගුවන් මගින් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවත් ඇගේ සොයුරු ඇෂ්ලි කියයි.

ලොරේන්  ස්මිත්ගේ අතුරුදන්වීම බ්‍රිතාන්‍යයේ එසෙක්හි පුවත්පත්වල ද පළවිය.

එහෙත් ශ්‍රී ලංකා පොලිසිය පැවසුවේ මේ ගැන පැමිණිල්ලක් නොලැබුණු බවයි.