නැති ප්‍රශ්නයක් ඇදගෙන දඹුලු පාරේ නිදති


ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර දඹුලු ක්‍රීඩාංගනයේ පැවැත්වෙන අවසන් එක්දින තරඟය බැලීමට ටිකට් නැතැයි කියමින් පිරිසක් කුරුනෑගල - කොළඹ පාර හරස් කරගෙන විරෝධතාවක් ආරම්භ කළහ.

දඹුලු ක්‍රීඩාංගනයේ ආසන විසි දහස සඳහා ටිකට් විකිණී අවසන් බව පෙර දින රාත්‍රී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කෙළ්ය. මීට පෙර පැවැති තරඟය බැලීමට ද මහ පිරිස් ඇතුළු වීම නිසා ක්‍රීඩාංගනයේ ප්‍රශ්න ඇති විය.

ගියවර තරඟයට පිරිසක් බලෙන් ගේට්ටුවලින් ඇතුළු වූ බවත්, හතලිස් දහසක් පමණ සෙනඟ එහි සිටි බවත් වාර්තා වේ.

පාරේ විරෝධය පාන පිරිස කියා සිටිනුයේ තරගය නැරඹීමට ඇතුළට යෑමට ඉඩ දෙන තෙක් නොනැගිටින බවයි.

මාර්ගයේ දැඩි වාහන තදබදයක් ඇති වී තිබේ.

0-02-01-29a0b0f2a13a17f5f66efaa663978ec7bf8317cd9a1d34e56da51dbd5604cc0a_full 0-02-01-b88e2fea56e629b1232dd22de0a692491182568e5d850d6b97e242617761a87a_full 0-02-01-cd640165fe23e38a9c8f8f24bc92321dddd0cdc3b27686031ab818964ec6ba08_full 0-02-01-eee2cc9884ef5f336187b9497f218e14925391968035eba21dbe45698ab7f8d3_full