ජනතා විමුක්ති පෙරමුණේ අයිතිවාසිකම් වලට හානි කරමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ විසින් ප්‍රකාශයට පත්කර බෙදා හළ ‘නැත්ත වෙනුවට ඇත්ත‘ නම් පොත තහනම් කරන්නැයි ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා පැවරූ නඩුව කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා මැයි 13ට කල් තැබීය.
බුද්ධිමය දේපළ පනත යටතේ මේ නඩුව පවරා ඇත.

