ආවා කල්ලියේ යැයි කියමින් යාපනය පොලිසිය ඉරිදා (31) අත්අඩංගුවට ගත් දෙදෙනා එම කල්ලියේ සාමාජිකයන් දෙදෙනකු නොවන බව විශ්වාස කටයුතු පොලිස් ආරංචි කියයි.
අත්අඩංගුවට ගත් දෙදෙනාගෙන් එක් අයකු අගෝස්තුවේ පැවැති උසස් පෙළ විභාගයට මුහුණ දුන් අයකු බවත්, ඔහු පසුගිය දිනෙක උසස් පෙළ නාට්‍ය හා රංග කලාව ප්‍රායෝගික පරීක්ෂණයට මුහුණ දී ඇති බවත්, එම සිසුවා නාට්‍ය සඳහා කඩුවක් යොදා ගෙන ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.
ප්‍රායෝගික පරීක්ෂණයට යොදා ගත් කඩුව එහි හිමිකරුට බාර දීම සඳහා සිය නැටුම් ගුරුවරයාද සමග යද්දී ආවා කල්ලියේයැයි සැකපිට ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිස් ආරංචි පවසයි.
ඔවුන් ආවා යැයි මුලින් කී නිසා යළි නිදහස් කිරීමේ ගැටළුවක් මතු වී ඇතැයි ද, එම දෙදෙනා ආයුධයක් ළඟ තබා ගැනීමේ චෝදනාවකට අධිකරණයට ඉදිරිපත් කරනු ඇතැයි ද පොලිස් ආරංචි කියයි.