තිරගත වීමට නියමිත චිත්‍රපටයක නිළියන් ලෙස බඳවාගන්නා බව පවසමින් පුවත්පත් දැන්වීම් පළ කර තරුණියන් සිව් දෙනකු නිරුවතින් නර්තනයකට යොදාගත් බව කියන නැටුම් ගුරුවරයකු ලබන 10 දක්වා රිමාන්ඩ් කරන ලෙස පානදුර අතිරේක මහේස්ත්‍රාත් කල්හාරි ලියනගේ මහත්මිය නියෝග කළාය.
බණ්ඩාරගම ගම්මන්පිල කහටගස්හංදිය පදිංචි දිනුම් ලාල් සේනාධීර නමැත්තා එසේ රිමාන්ඩ් කෙරිණි.
‘නටලා බලමුද‘ නමැති චිත්‍රපටයට තරුණියන් තෝරන බව කියමින් මෙසේ කැඳවූ තරුණියන්ගෙන් 19 හැවිරිදි තරුණියක දූෂණයට ලක් කර ඇති අතර අනෙක් තරුණියන්ට ලිංගික අතවර කර ඇතැයි පොලිසියට පැමිණිලි ලැබී ඇත.

