නැට්ටුවා රියේ හැපිලා : කිලෝමීටර පහක් ඇදී ගිහින්


යක්කල කඨින පෙරහරක ගමන් කළ නැට්ටුවකු ජිප් රියක හැපී ඇමිණී කිලෝමීටර පහක් පමණ ඇදී ගොස් ඇතැයි ද. තිහාරියේ වැටී තිබුණු සිරුර සොයා ගත් බව ද පොලිසිය කියයි.

මෙම රියේ හැපුණු බව කියන තව තිදෙනෙක් ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබති.

අද අලුයම 3.30ට පමණ අනතුර සිදු විය.

පළා ගිය රිය සොයා ගැනීම සඳහා පොලිසිය මාර්ගය දෙපස කඩ සාප්පුවල සීසීටීවී පරීක්ෂා කිරීමට යයි.