නැගෙනහිර මණ්ඩලයට අලුත් මූණු දෙකක්


නැගෙනහිර පළාත් සභාවේ සන්ධාන ඇමැතිවරුන් දෙදෙනකු දැරූ ඇමැති පදවි සන්ධානයේ හා මුස්ලිම් කොංග්‍රසයේ වෙනත් දෙදෙනකුට දීමට නියමිත බව පළාත් සභා ආරංචි කියයි.

සභාපතිනිය වූ ආරියවතී ගලප්පත්ති මහත්මියට (සන්ධාන) අධ්‍යාපන ඇමැති පදවියට ද, එම් මන්සූර් මහතාට (මුස්ලිම් කොංග්‍රස්) මහාමාර්ග ඇමැති පදවියට ද, නම් කර ඇත.

විමලවීර දිසානායක හා උදුමා ලෙබ්බේ මීට පෙර එම තනතුරු දැරූහ.

ධීවර හා සෞඛ්‍ය ඇමැති තනතුරු දෙමළ ජාතික සන්ධානයට ද, ගලප්පත්ති මහත්මිය දැරූ සභාපති පදවිය එක්සත් ජාතික පක්ෂයට ද දීමට යතියි දැනගන්නට ඇත.