
(අජන්ත කුමාර අගලකඩ)
කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ තබාගෙන සංවර්ධනය කිරීමට රජය තීරණය කර ඇත. මේ සඳහා වරාය සහ නාවික ඇමති රෝහිත අබේගුණවර්ධන මහතා විසින් අද (01) පස්වරුවේ පැවැති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මේ අතර කොළඹ වරායේ බටහිර ජැටිය ඉන්දීය රජය හා ජපාන රජය විසින් නම් කරනු ලබන පාර්ශවයන් අතර වරාය අධිකාරිය එක්ව, රාජ්‍ය හා පෞද්ගලික ව්‍යාපෘතියක් ලෙස සංවර්ධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබාදෙනු ලැබ ඇත.
එය සංවර්ධනය කර වසර 35 කින් පසුව ශ්‍රී ලංකා වරාය අධිකාරියට යළි භාරදීමේ පදනම මත ලබාදීමටද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

