විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභාව ඉදිරිපිට ඉකුත් 26 වැනිදා පැවති සිසු උද්ඝෝෂණයේදී පොලිස් නිලධාරියකු අතින් පහර කෑමට ලක් වූ සසිනි සංදීපනී ශිෂ්‍යාව ඉරිදා (1) පස්වරුවේ යළිත් කොළඹ ජාතික රෝහලට ඇතුළත් වූවාය.
26 වැනිදා රෝහලට ඇතුළත් වීමෙන් පසු නේවාසික ප‍්‍රතිකාර ලබා 30 වැනිදා රාත‍්‍රීයේ රෝහලෙන් පිටව ගිය ද විටින් විට හිසේ ඇති වූ වේදනාව නිසා වෛද්‍යවරයෙකු හමු වූ අවස්ථාවේ දී සී.ටී ස්කෑන් පරීක්‍ෂණයක් සඳහා යළිත් රෝහල් ගත වන ලෙස එම වෛද්‍යවරයා උපදෙස් දුන් බව ඇය ලංකාදීපයට පැවසුවාය.

