නැ'හිර මන්ත්‍රීන් තුනකට සන්ධානය එපා වේ


නැගෙනහිර පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ මන්ත්‍රීවරු තිදෙනෙක් සන්ධානයෙන් ඉවත් වී ස්වාධීන වූහ.

සන්ධානයේ පක්ෂයක් වන සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කළ අමීර් අලි, සිබ්ලි අබ්දුල් ෆාරුක් සහ එම් සුබයර් ඔවුහුය.

එම් සුබයර් මහතා පළාත් සභාවේ උප සභාපති වරයාය.

නැගෙන හිර පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු 14 දෙනෙක් ද, ඉලන්කෙයි තමිල් අරුසු කඩ්චි පක්ෂයේ මන්ත්‍රීවරු 11 දෙනෙක් ද, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරු හත් දෙනෙක් , එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු හතර දෙනෙක් ද, ජාතික නිදහස් පෙරමුනේ එක් මන්ත්‍රීවරයෙක් ද වෙති. නැගෙනහිර පළාත් සභාවට වෙනම තරඟ කළ ද ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ආණ්ඩුවට සහාය දක්වයි.