ස්විට්සර්ලන්තයේ හුට්විල් නගරයේ අවන්හල් හිමියකු වන ශ්‍රී ලාංකිකයකුට මරණ තර්ජනය එල්ල කර, පහරදුන් බීමත් තරුණයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව එරට පොලීසිය කියයි.
හිස් මුඩු කැර, හමුදා ඇඳුම් ඇඳ ‘අපි දිනන්නෙමු‘ යනුවෙන් කෑ ගසමින් නාසි ක්‍රමයට ආචාර කරමින් එම අවන්හලට ගිය මෙම දක්ෂිණාංශික අන්තවාදීන් තිදෙනා එහි මස් පුළුස්සන උඳුනක් ද, පුටුවක් හා මේසයක් ද කඩා බිඳ දැමීයැයි පොලීසිය කියයි.

