නාසය කෑ බව කියන සංවිධායකත් රෝහලේ


අත්තනගල්ල හෝටලයකදී ගුවන් විදුලි සංස්ථා සේවකයකුගේ නාසය සපා කෑ බව කියන එජාප මහර ආසන සංවිධායක තුෂාර හේමචන්ද්‍ර රුපියල් ලක්ෂ පහ බැගින් වූ ඇප දෙකක් මත මුදා හරින ලෙස අත්තනගල්ල වැඩ බලන මහේස්ත්‍රාත් සිරිපාල පතිරණ මහතා නියෝග කළේය.

ඒ වන විට ආසන සංවිධායක වතුපිටිවල රෝහලට ඇතුළත් වී සිටියේය.

වැඩබලන මහේස්ත්‍රාත් ඔහුට ඇප නියම කළේ රෝහලේදී ය.

අත්තනගල්ල අධිකරණ ප්‍රදේශයේ පදිංචි ළඟම ඥාතීන් දෙදෙනෙක් ඇපයට අත්සන් කළ යුතු බව ද අධිකරණය දැන්වීය.