මාතලේ නාවුල දෙමද ඔය ප්‍රාථමික පාසලේ පන්ති තුනකි. පළමුවැනි ශ්‍රේණියේ එක් සිසුවෙක් ද තුන්වැනි ශ්‍රේණියේ එක් සිසුවෙක් ද පස්වැනි ශ්‍රේණියේ සිසුහු හතර දෙනෙක් ද උගනිති.
පාසලේ විදුහල්පතිනිය කල්‍යාණි මැණිකේ දිසානායක මහත්මියයි. තවත් ගුරුවරු තිදෙනෙක් උගන්වති. පාසලට ගුරු හිඟයක් නැත. එහෙත් බලවත් සිසු හිඟයකි. ගලේවෙල අධ්‍යාපන කලාප මායිමේ පාසල පිහිටියේය.
පාසල සිසු හිඟයකට මුහුණපා ඇත්තේ මවුපියන් වැඩි දෙනා යාබද නාවුල කලාපයේ පාසල්වලට දරුවන් යැවීමට වැඩි කැමැත්තක් දැක්වීම නිසා යැයි කියති. පහේ ශිෂ්‍යත්වයෙන් පහේ ළමයින් සිව්දෙනා එතෙර කිරීමට මේ ගුරුවරු සිව්දෙනා දැඩි වෙහෙසක් ගනිති.