නාවුරු දූපතේ පිහිටි නීතිවිරෝධී සංක‍්‍රමනිකයන්ගේ රැඳවුම් මධ්‍යස්ථානයක සිටින ශ්‍රී ලාංකික සංක‍්‍රමිකයකු සිරගත කර තැබීමට එම කඳවුරු බලධාරීන් තීරණය කර ඇතැයි ‘රේඩියෝ නිව්සීලන්ඩ්’ පුවත්සේවය වාර්තා කරයි .
මෙලෙස දඬුවම් පමුණුවා ඇත්තේ 30 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකුට එරෙහිවය.
සිය සරණාගත අයැදුම්පත ඕස්ටේරලියා රජය විසින් ප‍්‍රතික්ෂේප කිරීම නිසා සිත් තැවුලට පත් මෙම ලාංකිකයා නාවුරු කඳවුරේ පිහිටි ගහකට නැඟ තමන් එම ගසේ සිට බිමට පනින බවට කඳවුරු බලධාරීන්ට තර්ජනය කර ඇත.
මොහු පැය 9ක් තිස්සේ එම ගහේ සිට ඇති අතර පසුව නාවුරු කඳවුරේ ආරක්ෂක බලධාරීන් එම ලාංකිකයා ගහෙන් බිමට බැස්සවීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත.
ඉන් පසුව මෙම පුද්ගලයා තමා කළ වැරුද්ද පිළිගැනීම නිසා නාවුරු දූපත් කඳවුරේ පිහිටි සිර මැදිරියක රඳවා තැබීමට කඳවුරු බලධාරීන් තීරණය කර තිබේ.

