නාවික හමුදාවේ පස් දෙනෙක් සීඅයිඩීයට


(නිරංගි අබේවික‍්‍රම)
කොටහේන ප්‍රදේශයේ දෙදෙනකු පැහැරගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් සටහන් කරගැනීමට නාවික හමුදා නිලධාරීන් පස් දෙනෙකු ලබන 14 වැනිදා සිට 28 වැනිදා දක්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මුදාහරින ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා අද (09) නාවික හමුදාපතිවරයාට නියෝගයක් නිකුත් කළේය.

මෙම සිද්ධියට  හිටපු නාවික හමුදා බුද්ධි අංශ නිලධාරියා 23 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කිරීමට  නියෝග කෙරිණ.

වසර අටකට ඉහතදී වැල්ලම්පිටිය බලා වෑන් රථයකින් ගමන් කරමින් සිටි කොටහේනේ පදිංචිකරුවන් දෙදෙනකු පැහැරගෙන ගොස් තිබිණි. එහි විමර්ශනයට අදාළව වැලිසර නාවික හමුදා කදවුරේ සේවය කළ මෙම නිළධාරින්ගෙන් ප‍්‍රකාශයක් සටහන් කරගත යුතු බවට රහස් පොලීසිය අධිකරණයට දන්වා තිබිණි