වෙළෙඳ නෞකාවලට ආරක්ෂාව සපයන සමුද්‍ර ආරක්ෂක කණ්ඩායම් වෙත ආයුධ ලබා දිමෙන් සහ වෙළෙඳ නෞකාවලට අයත් ආයුධ ගබඩා කරදිමෙන් ගත වු මාස හතරක දී ශ්‍රී ලංකා නාවික හමුදාව රුපියල් කෝටි 100 කට අධික රට සල්ලි රජයට උපයා දී ඇති බව නාවික හමුදාව කියයි.
ඇවන්ගාඩ් සමාගම විසින් සිදු කැරුණ සමුද්‍රිය ආරක්ෂක රාජකාරි ඉකුත් වසරේ නොවැම්බර් 13 වැනි දා ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත පැවරීමෙන් අනතුරුව මෙම ආදායම් උපයා දී ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් අක්‍රම් අලවි පැවසීය.
ගාල්ල වරායේ දී නැව් වාර 2689 කින් රුපියල් කෝටි 98 ක්ද කොළඹ වරායේ දී නැව් වාර 105 ක දී රුපියල් කෝටි තුනක් ද වශයෙන් මෙම ආදායම උපයා දී ඇති බවද ඔහු කීවේය.

![DSC_2521[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/DSC_25211.jpg)
![DSC_3853[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/DSC_38531.jpg)
![OBST1[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/OBST11.jpg)
![OBST2[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/OBST21.jpg)
![OBST3[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/OBST31.jpg)
![OBST4[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/OBST41.jpg)
