නාවික හමුදාව කෝටි 22 ක රට සල්ලි උපයයි


ඇවන්ගාඩ් ආරක්ෂක සමාගමේ මුහුදු මෙහෙයුම් නාවික හමුදාවට  පවරා දීමෙන් පසුව මාසයකදී  රුපියල් කෝටි 20 ක රට  සල්ලි  රජයට  උපයා දී ඇති බව නාවික හමුදාව කියයි.

ගාල්ල, කොළඹ වරාය ආශ්‍රිතව සිදු කළ මෙහෙයුම් 652 කින්  මෙම ආදායම උපයා  ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන්  අක්‍රම්  අලවි  මහතා පවසයි.

දෙස් විදෙස්  නෞකාවලට  ආරක්ෂාව සපයන  මුහුදු ආරක්ෂක කණ්ඩායම්  වෙත ගිනි අවි  සහ උණ්ඩ  සැපයීමේ කාර්ය නොවැම්බර් 13 වැනි දා  ඇවන්ගාඩ් වෙතින් ශ්‍රි ලංකා  නාවික හමුදාව වෙත පවරා ගැනිණි.

මෙම මුදල්  රජයේ  එකාබද්ධ අරමුදලකට  සෘජුවම බැරකර  ඇත.