
(යොහාන් භාසුර සහ ඩී.ජී.සුගතපාල)
ශ්‍රී ලංකාවට දකුණු වෙරළට ඔබ්බෙන් මුහුදේදී අද (13) අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය රුපියල් මිලියන 6708 ක් හෙවත් රුපියල් කෝටි 670 කට අධික විථි වටිනාමකින් යුත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.
එම මත්ද්‍රව්‍ය තොගයේ රුපියල් මිලියන 6610 කට අධික වටිනාකමකින් යුත් පැකට් 300 අසුරන ලද හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 330 යි ග්‍රෑම් 532 ක් සහ රුපියල් මිලියන 98 කට අධික වටිනාකමකින් යුත් පැකට් 10 ක අසුරන ලද අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 9 යි ග්‍රෑම් 818 ක් අඩංගුව තිබූ බව නාවික හමුදාව වැඩිදුරටත් කීය.
--------------------------------------------------------------------------------------------------------
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා දකුණු වෙරළට ඔබ්බෙන් මුහුදේදී දේශීය බෝට්ටුවක තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 300 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 25 ක් සමග සැකකරුවන් හය දෙනකු අත්අඩංගුවට ගත් බව නාවික නාවික හමුදාව මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසීය.
නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යංශය සහ රාජ්‍ය බුද්ධි තොරතුරු ඒකකය සමග එක්ව කළ මෙහෙයුමකදී මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත් මත්ද්‍රව්‍ය තොග, පුද්ගලයන් හය දෙනා සහ විශාල ප්‍රමාණයේ ධීවර යාත්‍රාව මේ වන විට ගාල්ල වරයාට ගෙනැවිත් තිබෙන බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
මෙම විශාල ප්‍රමාණයේ ධීවර යාත්‍රාව සමග ඩිංගි බෝට්ටුවක් සහ පුද්ගලයන් දෙදෙනෙකු ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදාව අත්අඩංගුවට ගෙන ඇති බවත් මෙම මත්ද්‍රව්‍ය තොගය සහ අත්අඩංගුවට ගත් පුද්ගලයන් අට දෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිත බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.


