"රක්නා ලංකා" ආරක්ෂක සමාගමේ සිදු වු බව කියන බරපතල වංචා දුෂණ සිද්ධි පිළිබඳව හිටපු නාවික හමුදාපතිවරුන් වන ජයන්ත පෙරේරා සහ ජයනාත් කොළඔගේ යන මහත්වරුන්ගෙන් ප‍්‍රශ්න කොට ප‍්‍රකාශ ලබා ගැනීම සඳහා අද (26) යළිත් ජනාධිපති කොමිසම හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.
මීට අමතරව ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් දමයන්ති ජයරත්න මහත්මිය ඇවන්ගාඩ් සමාගම ලියාපදිංචි කිරිම සම්බන්ධයෙන් සමාගම් රෙජිස්ට්‍රාර්වරිය කොමිසම හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.
"රක්නා ලංකා" ආරක්ෂක සමාගමේ සිදු වු බව කියන බරපතල වංචා දුෂණ සම්බන්ධයෙන් ජනාධිපති පරීක්ෂණ කොමිසමේ විමර්ශන නිළධාරීන් විසින් කරනු ලැබු පරීක්ෂණ වලදී හෙළි වු තොරතුරු සම්බන්ධයෙන් වැඩිදුර කරුණු හෙළි කර ගැනීම සඳහා හිටපු නාවික හමුදාපතිවරුන් දෙදෙනා ඇතුළු සිව් දෙනා මෙලෙස යළිත් වරක් කොමිසම හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.
හිටපු නාවික හමුදාපති සෝමතිලක දිසානායක මහතාගෙන්ද මීට පෙර අවස්ථාවක කොමිසම විසින් ප‍්‍රකාශ ලබා ගත්තේය.

