මාගම්පුර වරායේ සේවකයින් හා නාවික හමුදාව අතර ඇතිවූ උණුසුම්කාරී වාතාවරණය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදියකුට නාවික හමුදාපති පහරදීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් දිවයින පුරා සිටින මාධ්‍යවේදීහු අද (15) කොළඹ කොටුව ඉදිරිපිට උද්ඝෝෂණයක් ඇරඹුහ.
මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමය, ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමය, ශ්‍රී ලංකා ජනමාධ්‍ය ඡායාරූප ශිල්පීන්ගේ සංගමය ඇතුළු මාධ්‍ය සංවිධාන ගණනාවක සාමාජිකයෝ ඊට එක් වුහ.
කොළඹ, අම්පාර, මහනුවර, මොරටුව, ගාල්ල, මාතර, හම්බන්තොට, කුරුණෑගල, දඹුල්ල, මාතලේ, වව්නියාව, අනුරාධපුර, කෑගල්ල ආදී ප්‍රදේශ රැසකින් පැමිණි මාධ්‍යවේදීහු උද්ඝෝෂණයට එක්ව සිටියහ.
හේවාගම කෝරලේ ජනමාධ්‍ය සංගමය මගින් ද මාධ්‍යවේදියාට පහර දීම සම්බන්ධයෙන් උද්ඝෝෂණයක් අද (15) ගොඩගම දී පැවැත්වුහ.
ජායාරූප - අකිල බද්දේවිතාන
ජායාරූප - රේඛා තරංගනී ෆොන්සේකා
ඡායාරූප - ලහිරු හර්ෂණ
විඩියෝ - සෙනරත් බණ්ඩාර
විඩියෝ - ළහිරු හර්ෂණ













![IMG_0736[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/12/IMG_07361.png)
![IMG_0740[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/12/IMG_07401.png)
![IMG_0744[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/12/IMG_07441.png)
![IMG_0749[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/12/IMG_07491.png)
