නාවික හමුදා බුද්ධි නිලධරයා 9 දක්වා රිමාන්ඩ්


පුද්ගලයන් දෙදෙනකු පැහැරගෙන ගොස් ඝාතනය කළැයි සැකපිට වැලිසර නාවික හමුදා කඳවුරේ එවකට බුද්ධි අංශ බාර නිලධරයාව සිටි ධම්මික අනිල් මාපා මහතා පෙබරවාරි 9 දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා නියෝග කළේය.

පක්කිලිසාමි යෝගනාදන් හා රත්නසාමි ප්‍රේමනානන්දන් යන දෙදෙනා 2009 දී පැහැරගෙන ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව පැවැත්වෙන නඩුවේදී මෙම තීන්දුව ලැබුණු අතර රහස් පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් අනුව එම සිද්ධියට අදාළව හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට ද අධිකරණය අවසර දුන්නේය.