නාවික හමුදා ජල කී‍්‍රඩා 15 දා ග්‍රෙගරි වැවේදී


දෙවැනි වරට පැවැත්වෙන නාවික හමුදා කුසලාන ජල කී‍්‍රඩා තරගාවලිය මේ මස 15 වැනිදා පෙ. ව. 8.30 සිට 14.30 දක්වා නුවරඑළිය ග්‍රෙගරි වැවේදී පැවැත්වේ.

මෙවර තරගාවලිය වැඩි තරග ප‍්‍රමාණයකින් සමන්විත වන අතර ජෙට් ස්කී තරග (Salon සහ Sprint), Kayak Race, රුවල් යාත‍්‍රා තරග, රුවල් පුවරු පැදීමේ ප‍්‍රදර්ශනය (Wind Surfing) සහ පැරිෂුට් සංදර්ශනයය ඒ අතර ප‍්‍රධාන තැනක් ගනී.

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ නුවරඑළිය මහ නගර සභාව එකාබද්ධව සංවිධානය කරනු ලබන මෙම තරගාවලියේ ජයග‍්‍රාහකයන්ට මුදල් ත්‍යාග සමගින් ගුවන් ප‍්‍රවේශපත්ද පිරිනැමීමට කටයුතු සූදානම් කර තිබේ.