නාවික කිමිඳුම්කරු රඳවා ගනී


අනුරාධපුර කඩ පනහේ පැනොරාමා නයිට් ක්ලබ් හිමිකරු වසන්ත සොයිසා මරා දැමී යැයි සැකපිට නාවික හමුදාවේ කන්කසන්තුරේ කඳවුරේ කිමිඳුම්කරුවකු පැය 24 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අනුරාධපුර මහේස්ත්‍රාත් උමේෂ් ශානක කලංසූරිය මහතා නියෝග කළේය.

තවත් සැකකරුවෙක් නොවැම්බර් 9 දක්වා රිමාන්ඩ් කැරිණි.

කන්කසන්තුරේ උත්තර නාවික කඳවුරේ කිමිඳුම්කරු අනුරාධපුර කාර්මික පෙදෙසේ කහඳගමගේ මිරාජ් රාජිත විජේසේකර රඳවා තබා ගැනීමටද නාච්චදූවේ දොළහ ඇලේ පී.ජී.රුක්ෂාන් ශ්‍රීනාත් විජේතිස්ස රිමාන්ඩ් කළ පුද්ගලයාය.

මීට පෙර සැකකරුවෝ 22 ක් රිමාන්ඩ් කරනු ලැබූහ.