නාවල සැකකරුගේ ලේ පිරික්සයි


නාවල විවෘත විශ්ව විද්‍යාලයයේ නීති පීඨාධිපතිනියට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කළැයි කියන නීති ශිෂ්‍යයා ලේ සාම්පලයක් කොළඹ විශ්ව විද්‍යාලයයේ වෛද්‍ය පීඨයේ විෂ විද්‍යා පර්යේෂණායතනයට යොමු කළ බව කළුබෝවිල රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ දොස්තර ලයනල් මොහන්දිරම් මහතා කියයි.

වෛද්‍යවරයකු ද වන සැකකරු බොන්නට ඇතැයි කියන විෂ ද්‍රව්‍ය කුමක්දැයි හඳුනාගැනීමට එම පියවර ගෙන ඇත.

කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ සිටින ඔහුගේ තත්ත්වය අවධානම් බවත්, මෙතෙක් සිහිය නොලැබුණු බවත් ඔහු වෙන්ටිලේටර යන්ත්‍රයකට සම්බන්ධ කර ඇති බවත් රෝහල කියයි.

රිමාන්ඩ් භාරයේ සිටින ඔහු යාපන පලාලියේ පදිංචිකරුවෙකි. ඔහු කොළඹ කොටහේනේ තාවකාලිකව පදිංචිව සිටියේය.

නීති අංශාධිපතිනි යශෝධරා කදිරගාමර්තම්බි මහත්මියට පිහියෙන් අනිනු දුටු තිදෙනකුගේ සාක්කි පොලිසියෙන් සටහන් කරගෙන ඇත.